Monday, June 1, 2009

කෝ කවියක්? - ජයත් පියදසුන්

කෝ කවියක්?

”සබඳ, කිමද නිහඬව දැන් කලක සිට?”
නිබඳ අසත සුහදන් එබෙමින් නෙතට

සිනා වත ම පා, මගහැර උන් දෙනෙත
මම ම විමසීමි: ‘කවියා’ කොහිද අද?

පසෙක සුදහගින්නේ පැලැහෙත කැකුළු...
පසෙක යුදවදුල්ලේ වැළැලෙත කඳුළු...

හදෙහි එකක් තබා
මොකක් වත් නැති පඬුවන්
කාලයේ තාල බල බල
නගන කොටළු-සිහ වදන්,

‘කවි ලියමී’යි දැපෙමින්
ඇඳගෙන, මනස් ලෝ වැද
වදන් මතින් මත් වී
තෙපලන තොඳෙල් මල් බස්...

‘කවි යැ’යි වැරැද්දේ
වලපතින් ගත් බැද්දේ
ගිරා සර මැද්දේ
කුමන කිවිකම් මෙපුර වැද්දේ!

සබඳ, මුලින් දෙනු මැන පිළිතුරු මෙයට
කිමද අරුත සැබැවින් මෙලොව කවියට?

ජයත් පියදසුන්

No comments:

Post a Comment