Saturday, November 7, 2009
Friday, October 9, 2009
Wednesday, September 30, 2009
අරලිය - රෝහණ පොතුලියද්ද
අරලිය
ඔබ ඇවිත්
විසල්
සුදක්
පොරවලා.....
පුදසුනක,
සොහොන් බිමක,
කවියක,
විනීතව
පරවෙන්න යැයි කීවාට,
මම මලක්.....
රෝහණ පොතුලියද්ද
-අහස හැඩි වී ඇත
ඔබ ඇවිත්
විසල්
සුදක්
පොරවලා.....
පුදසුනක,
සොහොන් බිමක,
කවියක,
විනීතව
පරවෙන්න යැයි කීවාට,
මම මලක්.....
රෝහණ පොතුලියද්ද
-අහස හැඩි වී ඇත
පසුපස ඒම - මුතු පබා
පසුපස ඒම
මම,
සිදු රළ පෙළ වෙමි
විටෙක සැඩ වුවත්
දුව දුවා’විත්,
නුඹ දෙපා
සිප ගන්න...
නුඹ,
සෙල්ලක්කාර ජීවියෙකි
මාව පාගා ඈ - ත් - ව - න,
යළි ළගට’විත්
කවටකම් පා
දි -- ව -- ය -- න.
මුතු පබා
මම,
සිදු රළ පෙළ වෙමි
විටෙක සැඩ වුවත්
දුව දුවා’විත්,
නුඹ දෙපා
සිප ගන්න...
නුඹ,
සෙල්ලක්කාර ජීවියෙකි
මාව පාගා ඈ - ත් - ව - න,
යළි ළගට’විත්
කවටකම් පා
දි -- ව -- ය -- න.
මුතු පබා
Thursday, September 24, 2009
නැගෙන හිරු - කේ. නයනා එල් පෙරේරා
නැගෙන හිරු
නිමක් නැති දුක් මැදින්
නොසෙල්වුනි ඉන්න මෙන්
කොපුල් තලයේ රූටමින්
ගැලූ කඳුළුළැළි උල්පතින්
අනාගතයේ සිහින දුටුවේ
දසදාහක් මේ මව්වරුන්
ගත ගලාගිය රුධිරයෙන්
බිඳක් ගෙන වැඩි දූ පුතූන්
රකින්නෙමි යැයි අදිටනින්
කටුක බව පිරි දිවිගමන්
මහමෙරක් බර හිස දරන්
පා තබා ගිය පියවරුන්
පැතූම් මල් පෙති පුදමින්
අතූරිකිලි මෙන් දලූලමින්
වැඞී ගිය දින දරු පැටව්
වෙතින් ගිළිහිණි මනුදහම්
වාරු නැති දින මුළු ගතින්
තනිකලේ ඇයි මව්පියන්
හිස් අහස දෙස බලන්
දූ පුතූන් ගැන මුමුණමින්
හෙලන දහසක් සුසුමෙන්
වැටෙන කඳුළක් නෙතඟින්
කියන දහමක් මෙලෙසින්
රිදුම් දෙයි හදේ ගැඹුරින්
සිඟාලක නම් ඒ පුතණුවන්
ගියේ යහමඟ මුණි බණෙන්
නැගෙන හිරු වෙයි මව්පියන්
කරනු මැන නිසි වන්දනාවන්
දෙසුව බණදම් බුදු මුවෙන්
අමතක වුනාදෝ, කෙළෙසින්?
කේ. නයනා එල් පෙරේරා
ගැබරෝන් බොට්ස්වානා
නිමක් නැති දුක් මැදින්
නොසෙල්වුනි ඉන්න මෙන්
කොපුල් තලයේ රූටමින්
ගැලූ කඳුළුළැළි උල්පතින්
අනාගතයේ සිහින දුටුවේ
දසදාහක් මේ මව්වරුන්
ගත ගලාගිය රුධිරයෙන්
බිඳක් ගෙන වැඩි දූ පුතූන්
රකින්නෙමි යැයි අදිටනින්
කටුක බව පිරි දිවිගමන්
මහමෙරක් බර හිස දරන්
පා තබා ගිය පියවරුන්
පැතූම් මල් පෙති පුදමින්
අතූරිකිලි මෙන් දලූලමින්
වැඞී ගිය දින දරු පැටව්
වෙතින් ගිළිහිණි මනුදහම්
වාරු නැති දින මුළු ගතින්
තනිකලේ ඇයි මව්පියන්
හිස් අහස දෙස බලන්
දූ පුතූන් ගැන මුමුණමින්
හෙලන දහසක් සුසුමෙන්
වැටෙන කඳුළක් නෙතඟින්
කියන දහමක් මෙලෙසින්
රිදුම් දෙයි හදේ ගැඹුරින්
සිඟාලක නම් ඒ පුතණුවන්
ගියේ යහමඟ මුණි බණෙන්
නැගෙන හිරු වෙයි මව්පියන්
කරනු මැන නිසි වන්දනාවන්
දෙසුව බණදම් බුදු මුවෙන්
අමතක වුනාදෝ, කෙළෙසින්?
කේ. නයනා එල් පෙරේරා
ගැබරෝන් බොට්ස්වානා
විසිරුණු කවියක ඒකමිතිය - මංජුල වෙඩිවර්ධන
විසිරුණු කවියක ඒකමිතිය
වේගයෙන් ඇවිද ගොස්
නැවතුන
ගොළු බෙල්ලකු
හතිලනු මෙනි
මතකය.
නිමග්නව සිටියද
කල්පනා මහ සයුරක
රළ නගන්නෙම
කැබලි සිතිවිලි පමණි.
මල් නොවේ නම් බඳුනක
මල් බඳුනක් ද එය ?
අමාවක කළුවර බව
සඳට වැඩියෙන් දන්නෙ කවුරුද ?
උදෑසන
සයනෙන් මිදෙන්නට
ඉරට දැන්විය යුතුද ?
හදේ සවිකළ
මාලිමාවෙන් පාර අහගෙන
ගමන යළි අරඹමි ....
බූට් පතුලක්
හමුවනා තුරු.
මංජුල වෙඩිවර්ධන
වේගයෙන් ඇවිද ගොස්
නැවතුන
ගොළු බෙල්ලකු
හතිලනු මෙනි
මතකය.
නිමග්නව සිටියද
කල්පනා මහ සයුරක
රළ නගන්නෙම
කැබලි සිතිවිලි පමණි.
මල් නොවේ නම් බඳුනක
මල් බඳුනක් ද එය ?
අමාවක කළුවර බව
සඳට වැඩියෙන් දන්නෙ කවුරුද ?
උදෑසන
සයනෙන් මිදෙන්නට
ඉරට දැන්විය යුතුද ?
හදේ සවිකළ
මාලිමාවෙන් පාර අහගෙන
ගමන යළි අරඹමි ....
බූට් පතුලක්
හමුවනා තුරු.
මංජුල වෙඩිවර්ධන
Thursday, September 17, 2009
Monday, September 14, 2009
නොරිකො සං ගෙ වේදනාව - මංජුල වෙඩිවර්ධන

දෙවෙන්දොරා
දොර අරින්න දෙවෙන්දොරා
තබකොචි සොහොන් ගැබේ
දොර අරින්න දෙවෙන්දොරා
සකුරා මලින් පිරුණු
ඇසි පිය යට
ඉන්නට මට තුරුල්වෙලා
ඇසි පිය හැර බලන්න
ඇවිදින් ඔබෙ සුපෙම්බරා
සඳ සරා හෙමින් ඇවිදින්
නිල් ගුවන් අරා සරමින්
කුමකුරා අරුංගල් ජෝඩුව
දිහා බලන්නේ
මට දරා ගන්න බෑ – ඔබ
හිත පුරා වෙලෙන්නේ
ඉකෙබනා මලින් මල ගෙන
ඉකිලනා හිතින් පැන් ඉස
මම ගෙනා ඔබේ සිත්තම
ඔබ දිහා බලන්නේ
මට කියාදෙන්න කෙළෙසද
සයොනාරා කියන්නේ
මංජුල වෙඩිවර්ධන
Thursday, September 10, 2009
සිවරමණී -ප්‍රසාද් වීරසේකර
සිවරමණී......
සිවරමණී කවුද ඉතිං අපේ දුකට අඬන්නේ
කඩදාසි ඔරු වලින් කොහොමද තමිල්නාඩු දුවන්නේ
තල මල පිපිලා මොකටද තල් වැට නැහැ බිඳෙන්නේ
ඇහැට ඇඟිල්ලෙන් ඇනගෙන තනියෙන් අපි අඬන්නේ
ටොකු ඇන ඇන කියා දෙන්න
ගුරුවරු නම් ඇති
හිත රිදුනම නාඬාහිත හදා ගන්න හැටි
යාපනයේ පෙළ පොත් වල
ඒ පාඩම නැති
ඇත්ත තමයි සිවරමණී
මරණය යහපති
පිච්ච මල් නෙලා
කෝවිල් ගිය අය බෝ වෙති
හදිස්සියට වත් දෙවොලේ
දෙවියෙක් නැති හැටි
ජීවිතයක් මොකටද හෙට
හිනා වෙන්න බැරි
ඇත්ත තමයි සිවරමණී
මරණය යහපති...
-ප්‍රසාද් වීරසේකර
සිවරමණී කවුද ඉතිං අපේ දුකට අඬන්නේ
කඩදාසි ඔරු වලින් කොහොමද තමිල්නාඩු දුවන්නේ
තල මල පිපිලා මොකටද තල් වැට නැහැ බිඳෙන්නේ
ඇහැට ඇඟිල්ලෙන් ඇනගෙන තනියෙන් අපි අඬන්නේ
ටොකු ඇන ඇන කියා දෙන්න
ගුරුවරු නම් ඇති
හිත රිදුනම නාඬාහිත හදා ගන්න හැටි
යාපනයේ පෙළ පොත් වල
ඒ පාඩම නැති
ඇත්ත තමයි සිවරමණී
මරණය යහපති
පිච්ච මල් නෙලා
කෝවිල් ගිය අය බෝ වෙති
හදිස්සියට වත් දෙවොලේ
දෙවියෙක් නැති හැටි
ජීවිතයක් මොකටද හෙට
හිනා වෙන්න බැරි
ඇත්ත තමයි සිවරමණී
මරණය යහපති...
-ප්‍රසාද් වීරසේකර
Wednesday, September 9, 2009
මා දැන් ලොකු ළමයෙක්
-සංකරී-
මා ගලක් වූ මලක්
පර්වතයක් වූ සුළඟක්
අයිස් බවට පත් වූ දිය රැල්ලක්
කුඩා කල
මල් කැකුළක් සේ
මඳ පවනක් සේ
දිය ඇල්ලක් සේ ගලා ගියෙමි.
යුද කලක ගැහැණු -2002
මා ගලක් වූ මලක්
පර්වතයක් වූ සුළඟක්
අයිස් බවට පත් වූ දිය රැල්ලක්
කුඩා කල
මල් කැකුළක් සේ
මඳ පවනක් සේ
දිය ඇල්ලක් සේ ගලා ගියෙමි.
යුද කලක ගැහැණු -2002
Subscribe to:
Posts (Atom)


