Saturday, March 28, 2009

මං ඇහැරුණු කල!! - නුවන් චින්තක

මං ඇහැරුණු කල!!

බිඳ හරිමි නිහඬ බැමි
මා වට කොට තනපු
සැනෙකින්
බසිමි සුර යහනින්
මෙතෙක් මා
සයනය වුනු
තබමි පා හිරි බිඳිමින්

අහා!!

වී ද,

මෙතරම
සීතල මහ පොලොව

සකස් කර ගතිමි
නැවතත්



කොඳු ඇටය
සයනයෙන් මා
වකුටු වැ සිටි සඳ
ඇද වුනු!

මකුනු දැල් බැඳුනු
නෙත් යුවල
පිසදා හැර බලමි
පෙර ලියූ කව


කටු ගෑ
අවසන් කව
මත
දූවිලි ගොන්න
ලියා තබා මා
නින්දට ගොස් ඇත
හෙට අලුත් අලුයමක් කියා. . .!

No comments:

Post a Comment