Monday, September 14, 2009

නොරිකො සං ගෙ වේදනාව - මංජුල වෙඩිවර්ධන














දෙවෙන්දොරා
දොර අරින්න දෙවෙන්දොරා
තබකොචි සොහොන් ගැබේ
දොර අරින්න දෙවෙන්දොරා
සකුරා මලින් පිරුණු
ඇසි පිය යට
ඉන්නට මට තුරුල්වෙලා
ඇසි පිය හැර බලන්න
ඇවිදින් ඔබෙ සුපෙම්බරා

සඳ සරා හෙමින් ඇවිදින්
නිල් ගුවන් අරා සරමින්
කුමකුරා අරුංගල් ජෝඩුව
දිහා බලන්නේ
මට දරා ගන්න බෑ – ඔබ
හිත පුරා වෙලෙන්නේ

ඉකෙබනා මලින් මල ගෙන
ඉකිලනා හිතින් පැන් ඉස
මම ගෙනා ඔබේ සිත්තම
ඔබ දිහා බලන්නේ
මට කියාදෙන්න කෙළෙසද
සයොනාරා කියන්නේ

පදඃ
මංජුල වෙඩිවර්ධන

1 comment:

  1. සයෝනාරා නොකියාම ගිහින්
    සමු ගන්නෙත් නැතුවම
    කබුකි රඟ හල ආයෙම
    හමුවෙන්න දුන් පිළිණ
    අමතකව ගිහින්
    දෙවෙන්දොරා සංට

    මළවුන්ගේ අවුරුදු දා
    මළ ගිය ඇත්තන් කැටුවම
    ඉකමණින්ම නැවත එන්න!

    ReplyDelete