ප්‍රභාවතී නොකී කව
කටු යහනකැයි නුඹ අවමන් කෙරුවාටප්රභාවතී හැඬුවේ නෑ කිසිදාක
නුඹෙ හද මඩලෙ ඇති විස කටු දුටුවාට
ප්‍රභාවතී ගොළු වූවා හැමදාම
සංකර ලොවේ පෙම්බර මගෙ හිත රිදුනේ
නුඹ දුටු පසුව එය නුඹ ලඟමයි රැඳුනේ
නොකල වරදකට ඇයි නුඹ දොස් නැඟුවේ
මෙතුවක් කල් ගොසින්දෝ නුඹ කටු දුටුවේ
පවලම් පොටින් ගිලිහුන බව දැන දැනම
නුඹමයි ඇවිත් රැඳුනේ තරු ඇස ගාව
රොන් ගෙන බමරු සැඟවෙයි ඝන අඳුරේම
මල්වල තමයි පව බමරුයි පින්කාර...!
සුදාර මුතුහෙට්ටි
This comment has been removed by the author.
ReplyDelete