Tuesday, April 21, 2009

නැගෙනහිරට ගිය ගමනක් - සුනිල් ගෝවින්නගේ

නැගෙනහිරට ගිය ගමනක්

විසිරෙන කවි අමතක කොට
මම යමි ඉර නැගෙන දෙසට
සුළඟ කියයි සිහින් හඬින්
මා යන වග දුර ගමනක්

ගෙදර නිදයි මහ අළුයම
ඉර පායන තුරු බටහිර
අහස පවා හඬන මෙදින
දුක් කැඳවයි මගේ සිතට

යනමුත් මේ දුර ගමනේ
කඳුළු සිනා මතු වෙනු ඇත
දුර ද මැකී කෙටි ගමනක
මතක පවා වියැකෙනු ඇත

ගමන් මඟක ලකුණු මකා
අහස හඬන එක් දිනයක
මා යන වග නැගෙනහිරා
කුමට කියනු ලොවට තැවෙන


සුනිල් ගෝවින්නගේ
2008 දෙසැම්බර් 16